“අලුත්වෙන ලෝකේ වෙනසක් හොයන්න මට ඕන වුණා”

ලෝකයේ බොහෝ දෙනෙක් වෙනසක් කරන්න ඕන කියලා හිතුවට ඒ වෙනුවෙන් මහන්සි වෙන්නෙ නැහැ. නමුත් නොසැලෙන ධෛර්යයකින් යුතුව වෙනසක් කරා යන චරිත අප අතරත් දකින්න පුළුවන්. වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහනට මෙවර එක් වුණේ එවන් චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිරෝෂ් ඉඳුනිල් මහතා.

“වැව් බැඳි රාජ්‍යයේ පොලොන්නරුව තමයි මගේ ගම්මානය. පරාක්‍රම සමුද්‍රයට පහළින් තමයි මගේ ගෙවල් පිහිටලා තිබුණේ. මගේ ළමා කාලය ගොඩක්ම ගත වුණේ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ඇළත් එක්ක තමයි. මගේ තාත්තා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැ. මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවෙ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයෙන්.

මම පිහිනීමට දක්ෂ පුද්ගලයෙක්. සමස්ත ලංකා යනකම් පිහිනුම් තරගවලට මම සහභාගි වුණා. මම නායකත්වය පටන්ගත්තෙ ශිෂ්‍ය නායකයෙක් විදියට. දහම් පාසලේදී මම දහම් දැනුම, පද්‍ය ගායනා, කථික තරගවලට යොමු වුණා. එතැනින් මම ආභාෂය ලැබුවා නායකයෙක් විදියට එතැනින් එහාට දියුණු වෙන්නෙ කොහොම ද කියන එක ගැන.

මම පොඩි කාලේ ඉඳලා නිරෝෂ් ඉඳුනිල් කියන චරිතය හඳුනාගෙන තිබුණේ වෙනසක් ඕන කෙනෙක් විදියට. මේ ලෝකේ වෙනසක් ඕන පුද්ගලයෝ නමක් තියලා තමයි වෙනසක් කරලා ගිහින් තියෙන්නේ. මම වැඩ කළ ආයතනවලින් ගත්ත ඇත්දැකීම් එක්ක මට වෙනසක් හොයන්න ඕන වුණා. එකම තැන මට කොටු වෙන්න ඕනකමක් තිබුණෙ නැහැ.

අද වෙනකොට මම ඒ ගත්ත වෙනසත් එක්ක, පාසලෙන් ගත්ත අධ්‍යාපනයත් එක්ක මට බ්‍රැන්ඩික්ස් මාතාවගෙන් ලැබුණ වරප්‍රසාද ගොඩයි. මගේ බිරිඳ මහවැලි අධිකාරියේ සේවය කරන්නේ. මම සති අන්තයේ තමයි ගෙදර යන්නේ. බිරිඳක් විදියට එයා ඉතුරු වැඩ කටයුතු ටික මගේ දරුවන් එක්ක රැක බලා ගන්න එක තමයි මට ලොකුම හයිය. මට බ්‍රැන්ඩික්ස් මාතාවට මේ විදියට වැඩ කරන්න සහයෝගය ලබා දෙන්නේ ඇයගේ ශක්තිය තමයි.

තත්ත්ව සුපරීක්ෂක කෙනෙක් විදියට බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පටන්ගෙන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දක්වා මේ තැනට ආවේ, මේ ආයතනය අපිව කොටු කරන්නේ නැති තැනක් නිසා. අපි කාට හරි හිතුණොත් අපිට වෙනසක් ඇති කරන්න බැහැ, අපි ඉපදිච්ච තැනම මැරිලා යන්න ඕන කියලා ඒක වැරදියි. මම සියලුම බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපි හදවතට කතා කරලා වෙනසක් කරලා බ්‍රැන්ඩික්ස් මාතාවට සවියක් වෙලා අපේ ජීවිතත් සාර්ථක කරගමු කියලා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *