ජාත්‍යන්තර වනාන්තර හා වෘක්ෂලතා දිනය අදයි

මුළුමහත් මානව වර්ගයාට සේම සත්ත්වයින්ට ද ජීවය ලබා දෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ, වනාන්තරයි. හරිත වර්ණයෙන් පොළෝ තලය වසා පැතිර සිටින වනාන්තර මත මුළු ලෝකයේම පණනල රඳා පවතිනවා. නමුත් කාලයත් සමග ජනගහනය ඉහළ යනකොට වන විනාශයත් එන්න එන්නම වැඩි වීම නිසා මේ වෙනකොට ලෝකයේ වන වැස්ම ශීඝ්‍රයෙන් පහළ ගිහින් තියෙනවා.

ඉතින් මේ පහළ යන වන වැස්ම ඉහළ නංවාගනිමින්, වනාන්තර රැක ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය ලබා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර වනාන්තර දිනය සෑම වසරකම මාර්තු මස 21 වන දා සමරනවා. අපට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න ගස් අපට අවශ්‍යයි වගේම අපේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නට පවා හැකියාව ලැබී තියෙන්නේ වනාන්තර ආශ්‍රිතව තිබෙන ජල මූලාශ්‍ර නිසා. වනාන්තර මොන තරම් අපිට වැදගත් ද කියන එක ඒ සාධකවලින්ම තහවුරු වෙනවා.

වරක් රතු ඉන්දියානු නායක සියැටල් මෙහෙම කියනවා. “අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.” වනාන්තරත්, අපිත්, මේ මුළු පරිසරයමත් එකම පවුලක් මිසක් අපිට වෙන් වෙන්ව ජීවත් වෙන්න හැකියාවක් නැහැ.

ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර දහස් ගණනක් සෑම වසරකදීම මෙරටට අහිමි වෙනවා. ඒ තත්ත්වය යටතේ ලංකාවේ ස්වාභාවික වන වැස්ම මේ වන විට 29.2% ක් පමණ වෙනවා. වනාන්තර සිය නිවහන කරගෙන ජීවත් වන සතුන් පවා වන විනාශය නිසා අපිට අහිමිව යනවා. සමහර ආවේණික ශාක වගේම සත්ත්වයින් පවා ලෝකයට අහිමි වෙන්න වන විනාශය මූලිකම හේතුවක්.

බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් වන ඔබට වනාන්තර හා වෘක්ෂලතාවල වටිනාකම අමුතුවෙන් කියාදෙන්න අවශ්‍ය නැහැ. මොකද හරිත තිරසර තුළින් මිහිමව රැක ගැනීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඒ සංකල්පය ඔස්සේ ඉටු වන නිසා. අනාගත පරපුර වෙනුවෙන් මහී කාන්තාවගේ හරිත පැහැයෙන් දිදුලන සළුව ගෙත්තම් කරන්නට අපි හැමෝම එකතු වෙමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *