හරිත පැහැයට නමක් ඇත්නම්
ලෝකයක් වසඟයට ගත්
වනාන්තර මිස වෙනත් කිසිවක්
එයි ද මතකෙට සැණයකින්
රක්ත පැහැයෙන් ගලා නොගියට
කඳ පුරා ලේ නහර වැල්
අපිට වාගෙම රිදුම් නොරිදුම්
දන්නවා මහ රූස්ස ගස්
කෙළෙහි ගුණ ඇති බෝධිසත් ගුණ
නොපිහිටන මේ කාලයේ
තමන් සතු මුළු ශක්ති බලයම
දන් දෙනවා රහසෙම වනේ
එක එකා බිම හෙළා දැම්මත්
තව එකෙක් දලුලයි කොහේ
ඉරි තැලූ බිම්කඩක පිනි බිඳු
රැඳුනේ ඒ හින්දයි රැයේ
සොබා දහමට නොවන අවනත
මිනිසුනේ මේ අසාපන්
නිහඬ වී මුළු ලොවම රකිනා
යෝධයින් තුරු ලතාවන්
යකඩයෙන් තැනු සියුම් මුවහත්
පොරෝ තල බිම තබාපන්
දිය බිඳක් පැළයකට ඉසලා
දලුලනා හැටි බලාපන්…
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය