දන්න දෙයක් ගැන නොදන්න යමක්!

සියලු වැඩ සමබර කරගෙන මානසික නිදහසත් සහිතව රැකියාවක් කරනවා කියන එක තරමක් අභියෝගාත්මක දෙයක්. ගෙදර දොර කටයුතු, දරුවන්ගේ කටයුතු ආදී තවත් වැඩ රාජකාරි දහසක් මැද රැකියාවක් කරන අයෙකු නම් ඔබ දන්නවා ඒ සියලු වගකීම් දරාගෙන වැඩ කරන එක තුළ යම් පීඩනයක් ඇති වන බව. බ්‍රැන්ඩික්ස් ආයතනය සිය සාමාජික සාමාජිකාවන්ට නිදහස් මනසකින් යුතුව රැකියාව කිරීමට අවශ්‍ය පරිසරය සාදා දෙන ආයතනයක්. විනෝදයෙන්, සැහැල්ලුවෙන් රැකියාව කරන්න ඉඩ සලසා දෙමින් සිදු කරන වැඩසටහන් ආදිය ගැන බ්‍රැන්ඩික්ස් ආයතනයේ රැකියාව කරන ඔබ හොඳින්ම දන්නවා.

සිය ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ වෙහෙස මහන්සිය නිවා ඔවුන්ට ප්‍රබෝධවත්ව රැකියාව කිරීමට සහය වීම සහ ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය නව වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස පසුගිය අප්‍රේල් 25 වන දා ‘ඔබ දන්න දෙයක් ගැන නොදන්න යමක්’ වැඩසටහන ආරම්භ වුණා. සොබාදහම සහ වන සම්පත, ඉතිහාසය, විද්‍යාව සහ තාක්ෂණය, කලාව සහ ජීවන රටා, ක්‍රීඩා පිළිබඳ තොරතුරු ආදිය සාමාජික සාමාජිකාවන් සමග බෙදා හදා ගැනීම එම වැඩසටහන මගින් සිදු කෙරෙනවා. එය සෑම සඳුදා දිනකම උදෑසන 10.30ට ආරම්භ වන අතර පළමු වැඩසටහන සිදු කළේ මී ගස පිළිබඳව. මී ගස පිළිබඳව අපූරු කරුණු එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර එය අසන්නන්ගේ දැනුම වර්ධනයට මහත් රුකුලක් වුණා. එම වැඩසටහන සඳහා හොඳ ප්‍රතිචාර ද ලැබී තිබුණා.

මීට අමතරව අඟහරුවාදා දින ගීයක අරුත විමසමින් සිදු කෙරෙන ගීත විචාරාත්මක වැඩසටහනක්, බදාදා දින හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවට ආදරය කරන්නන් වෙනුවෙන් වැඩසටහනක්, බ්‍රහස්පතින්දා දින ජීවිතය දිනන්නට අත්වැලක් සපයන වැඩසටහනක්, සිකුරාදා දින ගීත ලබා දීමේ වැඩසටහනක් සහ සෙනසුරාදා දින විනෝදාත්මක වැඩසටහනක් ද ඉදිරිපත් කිරීමට බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය සැලසුම් කර තිබෙනවා.

පිබිදුණු විසඳුම් තුළින් නව ලොවක් නිර්මාණය කරන්නට වෙර දරන අපගේ පිබිදුණු සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය ආරම්භ කළ මෙම වැඩසටහන් මාලාවට වියමන් අපගෙන් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *