“ලෝගෝ එකක් කියන්නේ සරල දෙයක් නෙමෙයි”

බ්‍රැන්ඩික්ස් ආයතනය පනස් වසරක් පුරාවට පැමිණි ප්‍රබෝධවත් ගමන තුළ පිබිදුණු මිනිසුන් සමග පිබිදුණු විසඳුම් ලොවටම දෙන ආයතනයක්. බ්‍රැන්ඩික්ස් පනස් වන සංවත්සරය වෙනුවෙන් පැවති ලෝගෝ නිර්මාණ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත් බ්‍රැන්ඩික්ස් සමූහ සන්නිවේදන අංශයේ විධායක නිලධාරී කෙවින් පෙරේරා තමයි මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහන තුළින් ඔබ හමුවට එන්නේ.

“බ්‍රැන්ඩික්ස් පනස් වන සංවත්සරයේ ලෝගෝ එක නිර්මාණය කළේ මම. ග්‍රැෆික් නිර්මාණකරණයට මට ආසාව ඇති වුණේ පරිගණක ක්‍රීඩා නිසා. මම පරිගණක ක්‍රීඩාවලට ගොඩක් කැමතියි. මගේම පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කරන්න ඕන නිසා මම විවිධ මෘදුකාංග (software)  ගැන ඉගෙන ගත්තා. ඒ එක්කම මම වෘත්තිය ග්‍රැෆික් නිර්මාණකරණයට පිවිසුණා.”

ඔහු ග්‍රැෆික් නිර්මාණකරණයට පිවිසි ආකාරය ගැන වියමන් TV සමග අදහස් බෙදා ගත්තේ ඒ විදියට. නිර්මාණශීලී චරිතයක් වූ ඔහු බ්‍රැන්ඩික්ස් පනස් වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කළ ලෝගෝ එක තුළ බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ ගමන් මඟෙහි කතාව ඉතා විශිෂ්ට ලෙස නිරූපණය කර තිබුණා.

“මම විශ්වාස කරන්නේ ලෝගෝ එකක් කියන්නේ සරල දෙයක් නෙමෙයි. ලෝගෝ එකකට තියෙනවා ඊටම ආවේණික වූ අනන්‍යතාවක්. ඒ පිටුපස කතාවක් තියෙනවා. මට ඕන වුණා ලෝගෝ එක තුළින් බ්‍රැන්ඩික්ස් ඩී.එන්.ඒ. සහ බ්‍රැන්ඩික්ස් ගැන කතාව කියන්න. බ්‍රැන්ඩික්ස් පනස් වන සංවත්සරයේ ලෝගෝ එක ගත්තොත්, එහි නියෝජනය වෙනවා පසුගිය වසර පනහ තුළ බ්‍රැන්ඩික්ස් සිදු කළ මෙහෙවර ගැන. ලෝගෝ එකේ පහේ ඉලක්කම කොළ පැහැයක් ගන්නා අතර ශාක පත්‍රයක් ද සහිතයි. ඉන් පිළිබිඹු වන්නේ බ්‍රැන්ඩික්ස්හි තිරසාර බව සහ හරිත තිරසර ගැන. බිංදුවේ ඉලක්කම සැලකුවොත් නිල් පැහැයක් ගන්නා එහි දිය බිඳුවක් ද සහිතයි. එයින් අපේ සමාජ සත්කාර සහ මනුසත්කාර මෙහෙවර පිළිබිඹු වෙනවා.

මගේ මිතුරන්ගේ පවුලේ අයගේ සහයෝගය නොමැති වුණා නම් මට ලෝගෝ නිර්මාණය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ හැමෝටම මම ස්තුති කරනවා බ්‍රැන්ඩික්ස් පනස් වන සංවත්‍සර ලෝගෝ එක නිර්මාණය කරන්න මට සහය වීම වෙනුවෙන්. මට ඇත්තෙන්ම සතුටුයි බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ චාරිකාවේ කොටස්කරුවෙක් වෙන්න ලැබුණ එකට.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *