හෙට ලොව වෙනුවෙන් පුබුදමු මිහිමව

සොබාදම් මාතාවගේ දරුවන් වන අපව ජීවයෙන් පුරවාලමින්, ආහාරපාන ද, වාසස්ථාන ද සපයා දී මේ මිහිමත වෙසෙන සෑම සත්ත්වයෙක්ම හොඳින් රැකබලා ගන්නේ ඇයයි. මල් සුගන්ධය මුසුව මිහිතලය සිසාරා හමා යන සුළඟ, සීත ජල දහරාවක සිසිලස අපගේ මනස පවා සන්සුන් කරන්නට සමත් වෙනවා. එලෙස අපව කායිකව මෙන්ම මානසිකව ද සුවයෙන් තබනා මිහිමව සුරැකීම අපගේ යුතුකමක්. ලොවටම පිබිදුණු විසඳුම් ලබා දෙන බ්‍රැන්ඩික්ස් හරිත තිරසර තුළින් සොබාදම් මාතාව සුරක්ෂිත කිරීමට සිය යුතුකම් ඉටු කරන්නේ වසර ගණනාවක සිටයි.

මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් අගනා සත්කාරයක් මිහිමව වෙනුවෙන් සූදානම් කළේ පරිසරයේ වටිනාකම හොඳින්ම හඳුනන නිසයි. වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා ශාඛාව සමග එක්ව ලෝක පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බ්‍රැන්ඩික්ස් පියවර ගෙන තිබෙනවා.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් රචනා කළ විශාරද රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කළ ‘මොනවද මුත්තේ මොකද කරන්නේ’ කියන ගීතය ඔබට මතක ඇති. ඒ ගීතයේ එක තැනක තියෙනවා මෙහෙම කොටසක්.
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
බ්‍රැන්ඩික්ස් ආයතනයත් දුරදිග බලමින් ක්‍රියා කරන්නේ මේ විදියටමයි. හෙට දවස වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් තමයි බ්‍රැන්ඩික්ස් මේ රුක් රෝපණ වැඩසටහන ක්‍රියාවට නංවන්නේ. මිහිමව වෙනුවෙන් යුතුකම් ඉටු කරන බ්‍රැන්ඩික්ස් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ජාත්‍යන්තර ඇගයීමට පවා ලක් වී තිබෙනවා. එවන් ආයතනයක සේවයේ නිරත ඔබත් රටට අභිමානයක්. මිහිමව වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරමු. එයයි බ්‍රැන්ඩික්ස් අපේකමේ විශිෂ්ටත්වය.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *