උපන් මොහොතෙත් මගේ තනියට
කිසිවෙකුත් ළඟ නොහිටි හන්දා
මියෙන තුරු ළඟ ඉන්නවාමයි
කියන්නේවත් ඇයි ද මන්දා…
සතුටු මුහුණින් ඉන්න මොහොතට
දහක් දෙන ළඟ හිටිය හන්දා
දුකක් දැනුණම තනිව තනි මම
තනිවුණේවත් ඇයි ද මන්දා…
ඕන දේකට ඉන්නවා යැයි
කීව බොහො අය හිටිය හන්දා
අනේ අසරණ වෙච්ච මොහොතෙත්
මටම මං වුණේ ඇයි ද මන්දා…
අනුන් කොයි ලෙස හිතා උන්නත්
හිතක් රිදවනු නොහැකි හන්දා
රිදුණු මම ඒ රිදුම් ඉකි මැද
හිනා වුණේවත් ඇයි ද මන්දා…
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය