“අලුත් පරම්පරාවට මේ රට වෙනස් කරන්න පුළුවන්”

මෙවර වියමන් TV ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහන ඔස්සේ ඔබේ ආලින්දයට එන්නේ බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් පර්ෂදයේ, පර්ෂද මානව සම්පත් කළමනාකරු ජිනේන්ද්‍ර පද්මසිරි මහතා.

“ජිනේන්ද්‍ර කියන්නේ මේ තාක් ජීවන ගමනේ ඉලක්ක සපුරා ගත්ත, ඉදිරියේදීත් නැවුම් වූ ඉලක්ක සපුරා ගැනීමට සූදානමින් සිටින, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන, අනෙකාගේ අදහස්වලට ගරු කරන සහ ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර දීමට උත්සහ දරන පුද්ගලයෙක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්.

පාසල් කාලය ගත්තොත් 2000 මුල් කාලයේදී මම උසස් අධ්‍යාපනය ඉවර කරනවා. හෙට්ටිපොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ. මගේ පරමාදර්ශී චරිතය වුණේ මගේ පියාණන්. ඔහුගෙන් ලබා ගත්ත පන්නරය, මඟ පෙන්වීම සහ නායකත්ව ගති ලක්ෂණ ලොකු පිටිවහලක් වුණා.

විවිධ පැතිකඩ ඔස්සේ මම කියවීම ප්‍රගුණ කරන්න උත්සහ කරනවා. මම පුංචි පුස්තකාලයක් පවත්වාගෙන යනවා මගේ නිවසේ. අදටත් මම පොත්වල තියෙන රසය සහ හැංගිලා තියෙන දේවල් ජීවිතයේ ඉදිරි ගමනට සහ මගේ කණ්ඩායමේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා යොදා ගන්නවා. බ්‍රැන්ඩික්ස් එකේ අවුරුදු 15ක කාලයක් මම සේවය සපුරලා තියෙනවා. අවුරුදු 7ක වගේ කාලයක් මම බ්‍රැන්ඩික්ස් බංගලාදේශ ආයතනයේ මානව සම්පත් කළමනාකරු හැටියට සේවය කළා.

ඉදිරි පරම්පරාව හිතන විදිය සහ ඔවුන්ගේ ආකල්පමය පැත්ත සෑහෙන වෙනස්. අලුත් පරම්පරාවට තමයි මේ රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. අපි වැඩිහිටි පරම්පරාවක් විදියට ඔවුන්ට මඟ පෙන්වීම, පුහුණුව සහ අපි වැරදි කරලා ගත්ත අත්දැකීම්වල තියෙන දැනුම ලබා දීම තුළින් මුළු ශ්‍රී ලංකාවම වෙනස් කරලා හොඳ තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *