දස්කම් පිරි බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යය

සෑම වසරකම ජූලි 15 වන දා ලෝක තරුණ නිපුණතා දිනය සමරනු ලබනවා. හැකියාවන්ගෙන් පිරිපුන් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ටත් මේ දිනය විශේෂයි. මොකද බ්‍රැන්ඩික්ස් සමූහය කියන්නෙම සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා දක්වන තරුණ තරුණියන්ගෙන් පිරි ආයතනයක්. අලුත් වන ලෝකයත් සමග ඉදිරියට යන සාමාජික සාමාජිකාවන් නිසයි බ්‍රැන්ඩික්ස් නාමය ජාත්‍යන්තරය තුළ පවා ගෞරවාදරයට පාත්‍ර වී තිබෙන්නේ.

රන් දෑතින් සළුපිළි වියන බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යය ලොව සුපතළ සන්නාම සඳහා පිබිදුණු විසඳුම් ලබා දෙන්නට සමත් වන්නේ මැහුම් ශිල්පය පිළිබඳ ඔවුන්ගේ දස්කම් නිසයි. මැහුම් ශිල්පය කියන්නේ එක්තරා ආකාරයකට කලාවක්. එම දක්ෂතාව සියලු දෙනා සතුවම නැහැ. ලෝකයක් ජය ගන්න සිය දෑතින් ශිල්ප දක්වන බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යය තුළ තවත් දස්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යය තුළින් එවන් හැකියාවන් පිරි තාරුණ්‍යයට වේදිකාවක් නිර්මාණය වූයේ ඔවුන්ගේ රැකියාවේ හැකියාවෙන් ඔබ්බට ගිය හැකියාවන්ට අවස්ථාවක් දීමටයි. නර්තනය, ගායනය, නිවේදනය වැනි ක්ෂේත්‍රවල අතිදක්ෂයන් ද බ්‍රැන්ඩික්ස් සතුව සිටින බවට හොඳම උදාහරණය රසදිය මංගල්‍යයයි. රැකියාවට පමණක් සීමා වන්නට නොදී සාමාජික සාමාජිකාවන්ගේ සැඟවුණ කුසලතා එළි දැක්වීමට අවස්ථාව ලබා දෙනවා සේම ඔවුන්ට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට යන්නට ද බ්‍රැන්ඩික්ස් සැමදා සවියක් වෙනවා. සිය අපූරු හැකියාවන් උපයෝගී කරගනිමින් ස්වයං රැකියාවන් ද සිදු කරමින් ඉදිරියට යන පිරිසක් බිහි වී ඇත්තේ ඒ නිසයි.

එලෙසම තිරසර සංවර්ධනය වෙනුවෙන් බ්‍රැන්ඩික්ස් තැබූ යෝධ පියවරයන් ජයග්‍රහණ කරා මෙහෙයවන්නට ද බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යයේ නව අදහස් සහිත පිරිස් සමත් වුණා. ඒ වගේම මානව සම්පත් අංශ ද තාක්ෂණය සමග ඉදිරියට යමින් නව අත්දැකීම් සාමාජික සාමාජිකාවන්ට ළඟා කර දෙන්නට සමත් වී තිබෙනවා. සිය හැකියාවන් අනාගතය වෙනුවෙන් ඵලදායීව යොදා ගන්නා බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යයට සාර්ථක අනාගතයකට සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *