සුරැක මිහිලිය හදමු හෙට ලොව

සොබාදහම නම් වූ අපූර්ව දායාදය මිහි මත වෙසෙන සියලු ජීවීන්ට ජීවය ලබා දෙනවා. විශේෂයෙන්ම සොබාදහමෙහි විශාල සම්පත් ප්‍රමාණයක් මිනිසා විසින් පරිභෝජනය කරනවා. සොබාදහම කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ ගස්, වැල් ආදිය වුවත් ඛනිජ තෙල්, සූර්ය බලශක්තිය වැනි මේ සියලු දේ සොබාදහමෙන් අපට ලැබෙන දායාද. මේ සියලු සම්පත් අනාගත පරපුර වෙනුවෙන් සං‍රක්ෂණය කිරීමේ වැදගත්කම ගැන ලොවටම කියා දෙමින් ලෝක සොබාදහම් සං‍රක්ෂණ දිනය සෑම වසරකම ජූලි 28 වන දා සමරනු ලබනවා.

සොබාදහම සං‍රක්ෂණය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ක්‍රියා කරන්නේ වසර 15ක පමණ සිටයි. 2007 වසරේදී ඇරඹි හරිත තිරසර චාරිකාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2008දී බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය ලීඩ් ප්ලැටිනම් සම්මානය ලබා ගත් ඇඟලුම් ක්ෂේත්‍රයේ පළමු ආයතනය බවට පත් වුණා. මේ පහළොස් වසරක චාරිකාව තුළ හරිත තිරසරින් මිහිමව නංවාලමින් අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධනයක යෙදෙමින් පරිසරය සුරැකීමට බ්‍රැන්ඩික්ස් කටයුතු කළා. මෙම වසරේ පරිසර දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් ද බ්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාවට නැංවූවා. අක්කර 10ක ප්‍රදේශයක පැළ 3,000ක් රෝපණය කළ එම වැඩසටහන අනාගත පරපුර වෙනුවෙන් ඉතා අගනා දායාදයක් වනු නොඅනුමානයි.

බ්‍රැන්ඩික්ස් සමූහයේ ඉලක්කය වන්නේ 2023 වර්ෂය වන විට කාබන් විමෝචනය ශූන්‍ය තත්ත්වයට ගෙන එන ආයතනයක් බවට පත් වීමයි. තිරසර සංවර්ධනය තුළින් ලොවට පිබිදුණු විසඳුම් ලබා දෙමින් සුරක්ෂිත ලොවක් තැනුම බ්‍රැන්ඩික්ස් අපගේ අභිප්‍රායයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *