‘ආයේ මා තනි වීලා’ තනි නොවූ ගීයක හිමිකරු

“මං හිතන්නේ අනුෂ්ක ගුණසෝම කියන නිර්මාණකරුවා බිහි වෙන්නේ ඉපදෙන කොටමයි. උපතින් ගෙනාපු හැකියාවන් රැසක් සමග තමයි අනුෂ්ක ගුණසෝම කියන නිර්මාණකරුවා බිහි වෙන්නේ.”

වියමන් TV ඔස්සේ එලෙස හඬ අවදි කළේ බ්‍රැන්ඩික්ස් තේමා ගීතය ඇතුළු ගීත රැසක් නිර්මාණය කළ බ්‍රැන්ඩික්ස් සමූහ සන්නිවේදන අංශයේ ජ්‍යේෂ්ඨ කළමනාකාර අනුෂ්ක ගුණසෝම මහතායි. කලාකාමී සිතුවිලි නිර්මාණශීලීව හසුරවා ගීයක් බවට එය පරිවර්තනය කරන එක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ වගේම තමයි නිර්මාණය කරන ගීතය ජනප්‍රියත්වයේ ඉහළම තලයකට ගොස් රසික රසිකාවියන් එය වැලඳ ගන්නා තත්ත්වයකට එනවා කියන්නේ එය නිර්මාණකරුවෙකුට විශාල ජයග්‍රහණයක්. උපතින්ම නිර්මාණශීලීත්වය රැගෙන පැමිණි ඔහු කලාවට පිවිසි ආකාරය සහ ලියවුණු ගීත ගැන පැවසුවේ මෙලෙසින්.

“චිත්‍ර තමයි මගේ කලා හැකියාව තිබුණේ. ගීත ලියන්න පුරුදු වුණා. ඔහොම තමයි කලා ජීවිතේ ඉස්සරහට ගියේ. දැන්වීම්කරණයේදී දැන්වීම් වීඩියෝපට හැටියට නිපදවීමට මට ලොකු උනන්දුවක් තිබුණා. ඒකත් එක්ක සරසවියෙදි තිබුණ ප්‍රොජෙක්ට් එකක අපි දැන්වීම් නිර්මාණය කළා.

සාමාජික සාමාජිකාවන්ටත් හොඳින්ම දැනිච්ච, ඒ අය හොඳින්ම වැලඳ ගත්ත දේ තමයි වන් බ්‍රැන්ඩික්ස් ගීතය. ඉදිකටු තුඩේ ආඩම්බරය. ඒ ගීතයට මට එදත්, අදත් තියෙන්නේ විශේෂ තැනක්. ආයතනය ඇතුළේ මේ හැදුණ ගීත ගැන ගත්තොත් ඒකට ඉන්ස්පිරේශන් එක එන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය ඇතුළෙන්මයි.

ආයේ මා තනි වීලා කියන ගීතය ගත්තම සෑහෙන දුරකට ජනතාව අතරට ගිය ගීතයක්. මිලියන තුනකට වඩා වැඩි ප්‍රමාණයක් නැරඹුම් වාර තියෙනවා. සියුම් හමු වීමක්. ඉතා සරල, හදිසියේ මුණ ගැහුණු හැඟීමක් ගැන තමයි කියන්නේ. හිත දිගේ කිතිකැවුණු පෙම් පැතුම් යළි මතු වීමක් ගැනයි කියන්නේ. හැබැයි ඒක නොපිපිච්ච මලක් වගේ. නොලියවුණු කවියක් වගේ එතැනම නැතිවෙලා යනවා. මගේ අතින් ගී ලියවුණාට ඒ ගී ඉදිරියට එන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා. ආයතනය තමයි මට ඒකට ශක්තිය වෙන්නේ.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *