හදවතට ළඟ ම මිතුරු බැඳීම

අපේ ජීවිතේ හැමදෙයක් ම දන්න විශ්වාසන්ත එක ම එක කෙනෙක් හරි අපිට ඉන්න එක ජීවිතයට මහා ශක්තියක්. හොඳ මිතුරෙක් ඉන්නවා කියන්නෙ එහෙම විශ්වාසන්ත කෙනෙක්ට. මේ කාර්යය බහුල ලෝකෙ අපි හැමෝම දවස ගත කරන්නේ ඊළඟට මොකද්ද කරන්නෙ කියන කුතුහලෙන්. ඒක අපි හැමෝටම පොදු දෙයක්. එහෙම ගත කරන ඒකාකාරී නීරස ජීවිතයකට හොඳ මිතුරු මිතුරියන් එක් වුණාම තමයි අපි හැමෝම ප්‍රබෝධමත් වෙලා අලුතින් ලෝකය සමග මුහු වෙන්න යුහුසුළු වෙන්නෙ. ඔයා හිතන සිතුවිලිවලට සමාන අදහස් ඇති අය එක්ක යහළුකම් ඇති කරගැනීමෙන් ඒක වඩාත් සුවපහසු වෙනවා.

මේ ලෝකය වඩාත් සුන්දර තැනක් වෙන්නෙ අපි එකිනෙකා එක්ක කටයුතු කරන විදිහ අනුව. අපි අපේ හදවතට ළඟම ළබැඳියන් සමග හොඳ තේරුම් ගැනීමකින් ජීවත් වෙනවා නම් අපිට කිසිම අපහසුවකින් තොරව ඉතා සාමකාමීව අපේ ජීවිත ගත කරන්න පුළුවන්. සැපේදී විතරක් නැතුව දුකේදිත් අත් නොහැර යහළුවන් සමග එක්ව කටයුතු කීරීම හොඳ ගුණාංගයක්. ඔයාටත් ඇති සමහර යහළුවො නෑදෑයෙක්වත් කරයි කියලා හිතන්න බැරි උදව් කරපු. ඒ වගේ යහළුවො හමුවීමත් ඇත්තට ම වාසනාවක්. කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නො වී අඩු ම ස්තූතියවත් බලාපොරොත්තු නො වී දුකකදී පිහිටවන ඒ මිතුරුකම් වචනයෙන් විස්තර කරන්න බැරි තරමට හදවතට දැනෙනවා. මේ වගේ ඉතා දුෂ්කර කාලෙකත් ඒ වගේ යහළුවො ඉඳීම ගැන අපි සතුටු වෙනවා වගේ ම ඒ මිතුරු බැඳීම් දිගුකල් පවත්වා ගැනීමටත් අපි කටයුතු කරන්න ඕනෙ.

ලෝක මිත්‍රත්ව දිනය යෙදෙන අද ඔයාගෙ ළඟ ම හිතවත් යාළුවට දුරකතන ඇමතුමක් දීලා පොඩ්ඩක් පරණ සතුටු හිතෙන මතක ගැන කතා කරන්න, මුළු ලෝකෙටම ඇහෙන්න එයා එක්ක හිනා වෙන්න අමතක කරන්න එපා. ඒක ඔය දෙන්නගේම මිතුරු බැඳීම ශක්තිමත් කරගන්න හොඳ දෙයක් වෙයි. ඕගොල්ලොන්ගෙ මිත්‍රකම් සදාකල් පවතින්න කියලා වියමන් අපි මුළු හදින් ම ප්‍රාර්ථනා කරන්නෙත් ඒ නිසයි!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *