නොගැළපීම් ගැළපීම් කරගෙන ජීවන ගමන ගෙනයමු

ආදරය කරන්න අපි හැමෝම කැමතියි. ඊටත් වඩා ආදරය විඳින්න අපි කැමතියි. හැබැයි ප්‍රේම සම්බන්ධතාවයක දි නැත්නම් විවාහ ජීවිතයේ දී මේ ආදරය හින්දම පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ලෝකේ අපි හොයනවා සීයට සියයක් ගැළපෙන අය. හැබැයි මේ ලෝකෙ කිසිම කෙනෙක් සීයට සියයක් ගැළපෙන්නෙ නෑ. ඒත් අපි දකිනවා සුන්දර ආදර කතා. ඉතින් මේ ආදර කතා ලස්සන වෙන්නෙ නොගැළපීම් ගැළපිම් කරගෙන ජීවන ගමන අරගෙන යද්දි.  මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහන තුළින් මේ ගැන කතා කරන්න අපි සමග එකතු වුණා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රසංශනී මහත්මිය.

“අපි කොහොමද මේ නොගැළපීම් ගැළපීම් බවට පත් කරගන්නෙ? අපි ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වගෙන ගියත් විවාහ වෙලා හිටියත් අපි පුද්ගලයන් දෙන්නෙක්. අපි හැමෝටම තියෙනවා වෙන වෙනම ආස කරන දේවල්. අපිට වෙන වෙනම සැලසුම් තියෙනවා. හැබැයි මේ හැමදේකදිම අපිට පුළුවන් නම් දෙන්නට දෙන්න උදව් කරන්න. එතකොට ජීවිතය ගොඩක් ලස්සන වේවි. අපි සම්බන්ධතාවයක් පවත්වන්නෙ මානසික සතුටක් බලාපොරොත්තුවෙන්. නමුත් අපේ සම්බන්ධතාවය අපිට මානසික පීඩනයක් අරගෙන එනවා නම් ඒක හොඳ සම්බන්ධතාවයක් වෙන්නෙ නෑ. ඉතින් ආදරයේ දී විශ්වාසවන්ත වීම, අවංක වීම හරිම වැදගත්. අපිට පුළුවන් නම් අපේ ආදරය තුළ හැමදාමත් විශ්වාසය රකින්න, අවංක වෙන්න ඒකෙන් අපේ ආදරය ලස්සන වෙනවා.

ඒ හින්දා එකිනෙකා ගැන හැම තිස්සෙම හිතන්න. ඔබ ආස දේට සමහර විටෙක සහකරුවා හෝ සහකාරිය කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් නම් ඇය හෝ ඔහු ගැනත් ටිකක් හිතන්න, ඇය හෝ ඔහු ආස කරන දේවල්වලටත් පුංචි ඉඩක් දෙන්න එය අපේ ජීවිතය සුන්දර කරනවා. එහෙම කටයුතු කළොත් මානසික පීඩනයකින් තොර මානසික සතුට රැඳි ආදරණීය ගැළපීමක් ඔබට හදාගන්න පුළුවන්.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *