ටෙලි පිටපතක් ලියන එක මගේ අරමුණ

අකුරුවලට පුළුවන් කෙනෙක්ගේ හදවතක් ආමන්ත්‍රණය කරන්න. අකුරුවලින් කතා කරන්න හැමෝටම බැහැ. පාසල් කාලයේ සිටම අකුරුවලින් හදවත් ආමන්ත්‍රණය කළ නිවිතිගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ තිවංක ශ්‍රීමාල් දිසානායක වෙනුවෙනුයි මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනේ ඉඩ වෙන් වුණේ.

“මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොටකෙතන විද්‍යාලයෙන්. ඊට පස්සේ ඒ ලෙවල්වලට ගන්කන්ද විද්‍යාලයට ගියා. 10, 11 පන්තිවල ඉඳලම ලියනවා. මම ලියන්නේ කවියක් ද, නිසඳැසක් ද, කතාවක් ද කියන එක මට ලොකු දැනුවත්කමක් තිබුණෙ නෑ. ඒ දවස්වල අපේ ඉස්කෝලෙට ආවා නාට්‍ය හා රංග කලාවට ඒකනායක කියලා ගුරුවරයෙක්. ඒ සර් මං ලියන ඒවා බැලුවා. සර් මගේ දක්ෂතාව දැක්කා. මේක මෙහෙම නෙමෙයි මෙහෙමයි එන්න ඕන කියලා සෑහෙන්න උදව් කළේ සර් තමයි. මං සාමාන්‍ය පෙළ ඉවර වෙනකොට සර් කිව්වේ ඔයාට හොඳ ගමනක් තියෙනවා, ඉස්කෝලෙන් අයින් වුණාට ලියන එක නවත්තන්න එපා, දිගටම ලියන්න කියලා.

මට ඒ ලෙවල් ක්ලාස් එකේදි හම්බ වෙනවා රමණි ගුණතිලක කියලා මිස් කෙනෙක්. ඒ මිස් තමයි ආරාධනා කළේ පොතක් ලියන්න කියලා. මගේ බලාපොරොත්තුව ටෙලි නාට්‍ය පිටපතක් දක්වා මගේ ලේඛන කලාව ගෙන යන්න.

බ්‍රැන්ඩික්ස් ආයතනයට මම අහම්බෙන් එන්නේ. මම දැනුවත් කළාම මම කවි ලියනවා, පොත් ලියනවා කියලා කළමනාකාරීත්වය සතුටු වුණා. පොත එළි දක්වන්න ආයතනය දීපු දිරිගැන්වීමත් ගොඩක් වටිනවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *