දෙසවන් පිනවන හඬ මාධුර්යයේ අභිමානය

ගායනයෙන් අනෙකාගේ දෙසවන් පිනවීමේ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ සුවිශේෂ හැකියාව සහිත ගායන තරුවක් සහ තාරකාවියක් නිසා බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයට පසුගිය දා නව ආලෝකයක් එක් වුණා. ඒ කටුනායක අපනයන ආයෝජන වෙළෙඳ කලාපයේ රාජකාරියේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ ගායන කුසලතා එළි දැක්වීම සඳහා පවත්වන The Voice Range තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නට බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ ප්‍රදීප් කුමාර සමත් වීම නිසයි. ඒ වගේම එම තරගාවලියේ අවසන් වටයට බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනය නියෝජනය කරමින් භාග්‍යා රණසිංහ තේරී පත්වීම ද ආයතනයට අභිමානයක්.

තරගාවලියේ පළමු වටය සඳහා තරගකරුවන් 63 දෙනෙකු ඉදිරිපත් වූ අතර එයින් 25 දෙනෙකු දෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවා. අගෝස්තු මස 13 වන දා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී අවසාන මහා තරගය පැවති අතර එයට සුදුසුකම් ලැබීමට බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ ප්‍රදීප් කුමාර සහ භාග්‍යා රණසිංහ යන දෙදෙනාටම හැකි වීම ආයතනයට මහත් ආඩම්බරයක්. ඒ වගේම ඔවුන් දෙදෙනාම අවසන් තරගකරුවන් පස්දෙනා අතරට ද තේරී පත් වුණා.

ගායනයෙන් දෙසවන් පිනවමින් බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයේ නාමය බැබළවූ ප්‍රදීප් කුමාර සහ භාග්‍යා රණසිංහ පිළිගැනීමේ උත්සවය අගෝස්තු මස 16 වන දා ආයතනයේදී පැවැත්වුණා. බ්‍රැන්ඩික්ස් ආයතනයට අභිමානයක් එක් කළ ප්‍රදීප් කුමාර සහ භාග්‍යා රණසිංහ ඔබ දෙදෙනාටම වියමන් අපෙන් උණුසුම් සුබ පැතුම්!

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *