සිටිනු මැන මගේ ලොවේ

 

නිවා සරතැස පිපි සිතඹර
එකලු කර මගේ ලොව සදා
සරා සඳ ඔබ අහස මම විය
නුඹේ සිනා ළඟ හැඩ වෙනා
එදා සෙනෙහෙන් දෙයක් අල්ලා
සිහින ලෝකෙක තනි වෙලා
ටිකෙන් ටික මැවූ අපේ ලෝකය
ඇයි ද අද අමතක වෙලා
බිඳින් බිඳ කාලය ගෙවී යයි
ජීවිතය වියපත් වෙලා
අමාවක කර මගේ ලෝකය
නොයා ඉනු මැන හැර දමා
සතුට සපිරුණු අපේ කූඩුවේ
දරුවන්ගේ පිය රජු වෙලා
ඔබයි හිමි සඳු හිමියනේ මගේ
සසර මතු උපදින තුරා…

ඩී. චමිලා ප්‍රියංගනී කරුණාරත්න
බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය

Facebook