සිනහවත් ඔසුවක්

ආදරණීය බැඳීමක ආරම්භය සුන්දර සිනහවක්…

ඔබට මතක ද? ඔව්, ඔබට මතක ඇති.

ඉතින් සිනහ වෙන හැමෝම සතුටින් ද? නැහැ. ඒත් දුක ටිකකට අමතක කරන්න, ප්‍රශ්නවලට පොඩි විරාමයක් දෙන්න සිනහව හොඳ ඖෂධයක්.

“සිනහ වෙන්න සිනහ වෙන්න එතකොට තර වෙන්නේ” අපි මෙහෙම අහලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? අපි හිතනවට වඩා සිනහව අපිට බොහෝමයක් හොඳ දේවල් ලබා දෙනවා. අපිට අපේ ආතතිය කළමනාකරණය කරගන්න සිනහව උදව් වෙනවා. බොහෝ දෙනෙක් උත්සහ කරනවා හැම වෙලාවෙම විහිළු චිත්‍රපට, වීඩියෝපට නරඹන්න. ඇයි ඒ කියලා ඔබ හිතුව ද? අපි කැමති හිනා වෙන්න. අපි හිනා වෙන්න දේවල් හොයනවා.

සිනහවකට මේ තරම් දේවල් කරන්න පුලුවන් ද කියලා ඔබට හිතෙයි. ඔව් පුළුවන්. සිනහව ඔබේ මානසික සෞඛ්‍යය වගේම ශාරීරික සෞඛ්‍යය යහපත්ව තියා ගන්නත් උදව් කරනවා. ඔබට ප්‍රසන්න,ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න සිනහව හොඳ ආභරණයක්. ඉතින් සිනහ නොවී ඉන්න ඔබට තවත් හේතු තියෙනවා ද?

සිනහවකට ඔබව සුවපත් කරන්න වගේම ඔබේ ආදරණීයයන්, සමීපතමයන්, එදිනෙදා හමුවෙන අය මේ හැමෝවම සුවපත් කිරීමේ අද්විතීය හැකියාවක් තියෙනවා.

ඉතින් හිනාවෙන්න… හදවතින්ම…

ඔබ වගේම ඔබට හමුවන සියලු දෙනාමත් සුවපත් වේවි.

නදීරා ප්‍රශංසනී
ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *