ඇය නමින් අම්මාය

මිදුලෙහි කුණු කන්ද
කාමරයේ රෙදි කන්ද
අත්ලෙහි දැලි කන්ද
නිවසෙහි වැඩ කන්ද
විඳිමින් දුක් කන්ද

සලමින් දහඩිය කඳුළු බිඳු
නැත අතැඟිලි සුමුදු
නොසිතමින් සමෙහි සුදු
දිරිය දියණියක් බඳු

මෘදු වදනින් මා අමතා
පවසමින් රස කතා
දරුවන්ගේ දියුණුව පතා
වැඩ කරයි සිත සිතා

සියලු කෙනෙහිලිකම් දරමින්
ඉන්ද්‍රකීලයක් සේ නොසැලෙමින්
පවුලේ දියුණුවම පතමින්
තම දිවි දෙවෙනි කොට අපව රකිමින්

සියලු දුක් කඳ කරපිට මතින්
සෙනෙහෙ දෙයි උල්පතක් ලෙසින්
සැමට එක ලෙස සලකමින්
නිහඬ ගමනක යෙදෙන ඈ
නමින් අම්මා නම් විය…

තත්සරණි ප්‍රභාෂිණී 
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *