හීනී ඇස් යන්තමට
නිදිමතෙන් වෙරි වෙද්දි
සරම් ඔකුවක් පුරා ලස්සනට නැළවෙච්චි
ගීතයට නැළවෙන්න හැමවෙලේ හුරුවෙච්චි
අපි එදා ඇල වුණේ උණුහුමට අප්පච්චි
ගේ වටේ හැඩ කරල ටිකෙන් ටික ලොකු වෙද්දී
මතකයි ද එදා නුඹ කියූ වැකිය අප්පච්චී
මගේ කෙල්ල රැකපල්ල ඒකී වැඩිවිය වෙච්චි
කරේ මාලය දැම්මේ කඳුළු මල් පූදිද්දි
පාසලට සමු දෙන්න දින හුඟක් ළං වෙද්දි
රෑ වුණත් පාන්දර නුඹ අපේ මුර වෙච්චි
ඔක්කෝම ඉවර කර පාසලින් සමුගද්දි
හරිම මඟ යන්න නුඹ මගේ අත් වැට වෙච්චි
ගේ වටේ බඹරු කැල රොන් හොයා පියඹද්දි
මහ නපුරු වෙස් අරන් මාව නුඹ රැකගද්දි
මට හිතුනේ කරුමයක් නුඹේ මේ රැකගැනිලි
දැන් තමයි තේරෙන්නේ මගේ බුදු අප්පච්චි
කීව දේ නාහගෙන හිතුමතේ ඇවිදිද්දි
ඇඟේ හයියත් ගිහින් අපිටමයි කැපවෙච්චි
මහ හුළං හමන කොට මහ කිතුල ඇලවෙච්චි
ලෙඩ ඇඳේ වුණත් නුඹ අපි ගැනම වද වෙච්චි
තුන් හිතේ ආදරේ තිසා වැව පරදිද්දි
පුංචි දිය බිඳක්වත් අපිට නුඹ නොම දෙද්දි
සත්තමයි නුඹ හුඟක් අපිට සැර පෙන්නද්දි
ඉකි ගසා හැඬුවෙ අපි ආදරෙයි අප්පච්චි
සුරංජි ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය