මනුසත්කාරයෙන් පිබිදෙන සරසවි සිහිනය

දරුවන් තමයි රටේ අනාගතය. හෙට දිනයේ තාරුණ්‍යය වෙත පියමනින දරුවා වැඩිහිටියෙකු ලෙස රටේ දියුණුවට දායක වෙන්න නම් ඔහු හෝ ඇය උගත්කමින්, බුද්ධිමත්කමින් මෙන්ම ගුණ යහපත්කම්වලින් ද පෝෂණය විය යුතුයි. රටේ ආර්ථිකයට සවි දෙන බ්‍රැන්ඩික්ස් සමූහය රටේ අනාගතය ලස්සන කිරීම වෙනුවෙන් ද හැකි සෑම විටකම කටයුතු කරනවා. මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වන්නේ ද රටේ අනාගතය භාර ගන්නට සිටිනා දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට ශක්තියක් වීමේ උදාර අරමුණ පෙරදැරිවයි.

මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ වූයේ 2021 වර්ෂයේදීයි. මෙහිදී සිදු කරනුයේ බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට අයත් සීමාවේ පාසල්වල විශිෂ්ට දක්ෂතා පෙන්වා උසස් අධ්‍යාපන වරම් හිමි කර ගන්නා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීමයි. මෙහි පළමු අදියර යටතේ ලංකාවේ දිස්ත්‍රික්ක 8කින් තෝරාගත් දරුවන් 18 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දුන්නා.

2022 වර්ෂයේදීත් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන මගින් රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු දැරියන්ට ශිෂ්‍යත්ව ලබා දීමට බ්‍රැන්ඩික්ස් අපි සූදානම්. සරසවි සිහිනය දෝත දරාගෙන සිටින අපේ රටේ දරු දැරියන් ප්‍රබෝධයෙන් පුබුදුවාලමින් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ශක්තියක් වීම අපගේ පරමාර්ථයයි.