ජීවිතයට බලාපොරොත්තුවක්...

ජීවිතය ගැන තමන්ට දැනෙන්නේ කොහොමද ඇහුවොත් එක් එක් පුද්ගලයා ලබා දෙන පිළිතුරු එක සමාන වෙන්නේ නම් නැහැ. කෙනෙක්ට ජීවිතේ සුන්දර වෙනකොට තවත් කෙනෙක්ට ජීවිතේ අසුන්දර වෙන්න පුළුවන්. නමුත් ජීවිතය අපි හැමෝටම අවස්ථා ලබා දෙනවා. එම අවස්ථා අපි භාර ගන්න ආකාරය අනුව තමයි ජීවිතය සුන්දර හෝ අසුන්දර වෙන්නේ. කොහොමද අපි ජීවිතයට මුහුණ දෙන්න ඕන වගේම කොහොමද තවත් කෙනෙක්ගේ ජීවිතයක් ලස්සන කරන්න සහය විය හැක්කේ කියන කාරණය ගැන කතාබහ කරන්න මෙවර වියමන් TV ‘පිබිදුණු දිවියක්’ වැඩසටහනට එක් වුණා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ ජ්‍යේෂ්ඨ මනෝ උපදේශිකා නදීරා ප්‍රසංශනී මහත්මිය.

“ජීවිතය සමහර වෙලාවට අපිට ලොකු ලොකු පාඩම් කියලා දෙනවා. සමහර වෙලාවට අපි හිතන්නේ නැති විදියේ අහිමිවීම්, හැරයාම්, බලාපොරොත්තු සුන්වීම් අපේ ජීවිතවලට එනවා. සමහර වෙලාවට මෙන්න මේ දේවල්වලට දක්වන ප්‍රතිචාරය ප්‍රශ්න තව වැඩි කරන්න හේතු වෙනවා. “මගේ ජීවිතය එපා වෙනවා, මම ජීවිතේ ගැන කලකිරීමෙන් ඉන්නේ” මෙන්න මේ වගේ දේවල් ඔබට ඇහිලා ඇති. සමහර වෙලාවට එහෙම කියන කොට ඒක විහිළුවක් කියලා ඔබ හිතන්න ඇති. හැබැයි අපිට හිතන්න පුළුවන් නම් ඇයි මෙහෙම කියන්නේ කියලා වගේම එහෙම කියන අය ගැන අවධානයෙන් ඉන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට පුළුවන් බලාපොරොත්තුවක් නැති වෙච්ච ජීවිතයකට බලාපොරොත්තුවක් ගෙනැත් දෙන්න.

ඒ වගේම තමයි ඔබට හිතෙනවා නම් ඔබ ඉස්සර වගේ නෙමෙයි. ඔබ ඉස්සර කැමති වෙලා හිටපු දේවල්වලට දැන් කැමති නෑ. ඔබ ආසා කළ දේවල් කරන්න දැන් කැමැත්තක් නෑ. ඒ වගේම තමයි ඔබට ජීවිතේ බලාපොරොත්තු නෑ, ඔබට මෙතැනින් එහාට ජීවිතය කොහොමද අරගෙන යන්නේ කියන එක තේරෙන්නේ නෑ, මේ වගේ දේවල් ඔබට හිතෙනවා නම් ඔබ වහාම මනෝ උපදේශකවරයෙක් හෝ මනෝ උපදේශකවරියක් හම්බවිය යුතුමයි. ඔබ බ්‍රැන්ඩික්ස් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් නම් ඔබට පුළුවන් ඔබේ ආයතනයේ මනෝ උපදේශකවරිය හම්බවෙන්න.

අපි කවුරුත් කැමති නෑ ප්‍රශ්නයක් හින්දා කිසිම කෙනෙක් මේ ලෝකයෙන් සමුගන්නවාට. ඒ නිසා අපිට පුළුවන් අපේ ක්‍රියාකාරීත්වයත් එක්ක තව කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති කරන්න.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *