ගැහැනු

වහං කරගෙන හැඟුම් පොකුරක්
නාඬා ඉන්නේ බැරිම හින්දා
අතීතේ අපේ ආදරේ ගැන
ඇස්වහක් වැදුණා ද මන්දා
කියාගන්නට බැරිම තැනටම
මේ හිතත් අසරණම කරලා
හරි අපූරුයි සිනාසෙන හැටි
කඳුළු බිඳුවක් නැතිව හංගා

හීන මාලිග හැඩ කරන්නට
දිවා රෑ නිදි වරා නින්දේ
කාසි හොයපුවා දිය කරන්නට
දෙපාරක්වත් නැති ද සිතුවේ
දළඹුවෙක් පොඩි කෝෂයක් තුළ
කොතරම් ද දුක් කටොලු වින්දේ
පාට පාටින් පියා විහිදපු
සමනලුන් කවදා ද ඇහුවේ

දිය බිඳක් නම් ආදරේ මගෙ
නුඹ තමයි ඒ සයුර පීනූ
හිතේ කොනකින් තාම ඇහෙනවා
රැයේ මංගල නාද සීනූ
ඉගිල ගියමුත් බඹර වෙසකින්
තළ තළා කහපාට රේණූ
බෙදාගන්නට නොවේ සැමියව
බදාගන්නයි කැමති ගෑනූ

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *