ලිප් ගල් තුන උඩ බත් මුට්ටිය

හිස් තැනක් නොතියාම
හීනා වුණ අතීතෙක
ඉකිබිඳුම් සමරන්න අවැසි නෑ කිසිදාක
රෝහලක පොඩි ඇඳක වැතිර ගිය මහ කිතුල
නුඹ දකින හිත් මඬල කකියනව බොහෝ තදට
අවැසි නැති ඉර හඳක සුව නින්ද පණ වැනිය
වේදනා උකුල්තල බඩ පොත්ත ඇදී ගිය
හීනී ඇස් බොර පාට යන්තමින් නෙතු සලන
නුඹ ඔහොම ඉන්න කොට ඉවසුමක් නැත අපට
ත්‍රීවිලේ රෝද තුන අතරමැද ආපු මම
ගල් තුනේ මැටි ලිපට ආපු මුට්ටිය මම ද
පවුලකට හෙණ ගහන දූවරුන් කරපු පව
අප්පෙක්ට ලෙඩ ගේන පුතු තුනක් පසුව දුව
ලෝකයක් දොස් කියන උපන් එක වරදකට
සම්මතෙන් පිටට ගෙන අමෘතය සදාගෙන
දුව ගිහින් ලෙඩ වීපු අප්පෙකුට පොවාගෙන
ලෝකයට දොස් කියපු අපිත් හිත හදාගෙන
 
සුරංජිකා ඩී. මාපා
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *