“ඔබේ හැකියාවන් විශ්වාස කරන්න”

වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්න වගේම තමා කරන වෘත්තිය ගැන තෘප්තිමත් වෙන්නත් හැමෝටම බැහැ. අපි දකින අපේ වෘත්තීය සගයන් අතර ප්‍රබෝධයෙන් සිය වෘත්තිය කරමින් ඉදිරියට යන පිරිස අඩු වුවත් අනෙක් අයටත් ආදර්ශයක් වෙමින් වෘත්තියට වටිනාකමක් දෙන පිරිසකුත් ඉන්නවා. මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට සම්බන්ධ වුණේ එවන් ජවයකින් සිය රාජකාරි ජීවිතය ගෙන යන චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනයේ කණ්ඩායම් නායකයෙකු ලෙස රාජකාරියේ නියුතු නාමල් මැදගම.

“මම මීට අවුරුදු හතරකට කලින් තමයි වතුපිටිවල ආයතනයට සම්බන්ධ වුණේ. මම ගැන කිව්වොත් විශේෂ හැකියාවන් ටිකක් මට තිබුණා. විශේෂයෙන්ම කෙනෙක්ව ඒ විදියටම අනුකරණය කරන්න පුළුවන් මට. ආයතනයේ මානව සම්පත් අංශයේ මහත්ම මහත්මීන් සමග මම කතා කරලා මගේ වෘත්තියට හානියක් නොවෙන විදියට මම ගොඩක් වැඩසටහන් සංවිධානය කළා.

අපේ සාමාජික සාමාජිකාවන් එක්ක එකතුවෙලා එයාලගේ ටාගට් එක වැඩි කරන්න, එයාලගේ මනසට යම් සහනයක් වෙන විදියට මට ගොඩක් වැඩසටහන් කරන්න මේ ආයතනයෙන් අවස්ථාව ලබා දුන්නා. ඒ අයගේ නිෂ්පාදනය වැඩි කරන්න ආදරණීය මාරියා කියලා වේදිකා නාට්‍යයක් මම කළා. ආදරය, සෙනෙහස අපෙන් උදුරා යන සමාජයක් තියෙන්නේ. ඒක රැකගන්න ගබ්සාව කියලා නාට්‍යයක් කළා.

ජීවිතය කියූ ගී, සංගායනා කියලා වැඩසටහන් මම කළා. විශේෂ වැඩසටහනක් වුණේ අපේ ළමයින්ගේ ජීවිත කතාව ගැන කියලා අම්බලම කියලා විශේෂ වැඩසටහනක් අපි කළා. ඒ අයගේ වෘත්තින් දියුණු වුණා ඒකෙන්. අපිට අපේ හැකියාවන් තියෙනවා. ඔයගොල්ලෝ හැමෝටම කියන්න තියෙන්නේ තමන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ආයතනයට වැඩක් කරන්න පුළුවන් නම් අපේ වෘත්තියට වැඩක් කරන්න පුළුවන් නම් පෞද්ගලික ජීවිතයේ අරමුණුවලට යන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජයග්‍රහණය වෙන්නේ. ආයතනයේ ජයග්‍රහණය වෙන්නෙත් ඒක තමයි. ඒ නිසා ඔයාලගේ හැකියාවන් විශ්වාස කරන්න.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *