මනුසත්කාරයේ ආදර්ශය

මිනිසාගේ යුතුකම වන්නේ මිනිසාට සේවය කිරීමයි. මනුෂ්‍යයන් වන අප සියලු දෙනාට එක හා සමානව සම්පත් බෙදී යාමක් ලෝකයේ කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින්, එවන් අවස්ථාවල මිනිසත්කමේ නාමයෙන් අපිට හැකියාව තිබෙනවා නම් අනෙකාට ශක්තියක් වන්නට එයයි සැබෑ මනුසත්කම වන්නේ. බ්‍රැන්ඩික්ස් සමූහය මනුසත්කමෙන් පොහොසත් ආයතන සමූහයක්. මනුසත්කාර සංකල්පය මගින් දහස් ගණනක් වූ පිරිසකට විවිධාකාරයෙන් සවියක් වීමට බ්‍රැන්ඩික්ස් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළා. මනුසත්කාර සංකල්පයේ එක් යෝධ පියවරක් වන්නේ ‘බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන’ ව්‍යාපෘතියයි. එම ව්‍යාපෘතියේ තවත් අදියරක් සනිටුහන් කරමින් පසුගිය දා බ්‍රැන්ඩික්ස් වතුපිටිවල 03 ආයතනය මගින් පානීය ජල ව්‍යාපෘතියක් ජනසතු කළා.

නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි ජාතික පාසලට නළ ළිඳක් ලබා දී තුන්දහසක් පමණ වූ සිසු සිසුවියන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය පියවර ගත්තා. වසර ගණනාවක කාලයක සිට පිරිසිදු පානීය ජල පහසුකම් නොමැතිකමින් පීඩා විඳි ඔවුන් වෙනුවෙන් මේ සත්කාරය ඉතා අගනා සේවයක් වනු නොඅනුමානයි.

ඉහත ව්‍යාපෘතිය ජනසතු කිරීමට අමතරව මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩ කටයුතු ද පසුගිය දා සිදු වුණා. උසස් පෙළ සමත්ව සරසවි වරම් හිමි කර ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපනයට සවියක් වීම වෙනුවෙන් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

වසර ගණනාවක සිට මනු දැය නංවාලමින් දැය පුබුදුවාලන බ්‍රැන්ඩික්ස් ඉදිරියේදීත් සමාජ සත්කාර කටයුතු ඔස්සේ මනු දැයට සවියක් වීමට අපේක්ෂා කරනවා.