සමරමු ගුරු දිනය බැතියෙන්

පිබිදෙන්නට නියමිත මල් කැකුළු වැනි දරුවන් සුවඳැති මලක් ලෙස විකසිත කරන්නට විශාල දායකත්වයක් ගුරුවරුන්ගෙන් ලැබෙනවා. අම්මා, තාත්තා සෙවණේ දවස පුරා සිටි දරුවා පාසල් මව් තුරුලට ගිය දා පටන් දරුවාගේ අම්මා, තාත්තා වන්නේ ගුරුවරුන්. ‘අ’ යනු, ‘ආ’ යනු කියා දීමෙන් එහාට ගොස් අධ්‍යාපනය තුළින් පරිවර්තනීය වෙනසක් සිදු කරන ගුරුවරුන් ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. ඔයාටත් ඔයාගේ පාසල් කාලයට සිතින් ගියොත් මතක් වෙයි ගුරුවරු කොහොමද මුළු පන්තියකටම එක වගේ ආදරේ බෙදමින් ඔයාව ගුණ යහපත් පුද්ගලයෙක් කරන්න මහන්සි වුණේ කියලා.

ගුරු භූමිකාව ලේසි පහසු නැහැ. ළමයින් සිය දහස් ගණනක් සමග ඔට්ටු වෙමින් හුනු කූර, ගල් ලෑල්ල සමග පොර බඳිමින් සිටි ගුරුවරයා අද වෙනකොට තාක්ෂණයත් සමග ඔට්ටු වෙමින් දරුවන්ගේ නෙත් පාදන්නට විශාල වෙහෙසක් ගන්නවා. පුංචි කාලේ සමහර දවසට ඉස්කෝලේ යන්න කම්මැලිකමේ අඬපු අපි අද අපේ ඉස්කෝලේ දැක්කම නැවතිලත් බලන් ඉන්නවා සමහර වෙලාවට. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරයෙක් දැක්කම අපි හරි ආසාවෙන් කතා කරනවා. ඒ ඔවුන් ගුරුවරයෙකුට එහා ගිහින් අපිට සමීප වුණ නිසා. හරියට පවුලෙම කෙනෙක් වගේ අපිට ආදරය, කරුණාව දීලා අපිව යහපත් පුරවැසියෙක් කළ නිසා.

ඔයාව යහපත් පුරවැසියෙක් කරන්න මහන්සි වුණ ඒ ගුරුවරුන් එක්ක පුළුවන් හැම වෙලාවකම කතා කරන්න. ඔයාලා අද ඉන්න තැන ගැන එයාලට කියන්න. ඒ වෙනුවෙන් ස්තුති කරන්න. එයාලට ඊට වඩා සතුටක් නැතිවෙයි. නියම ගුරු දින සැමරුම ඔවුන්ව අමතක නොකිරීමයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *