“මගේම ගීතයක් මට තියෙනවා”

සමහර අවස්ථාවල අපි යම් ඉලක්කයක් හඹා යන කොට අපිට එය ජය ගන්න කිහිප වතාවක් උත්සහ කරන්න වෙනවා. සමහරු එක් අසාර්ථක උත්සහයකින් පස්සේ සියල්ල අත්හරිනවා. නමුත් සමහරු වැටි වැටී නැගිටිනවා. ඔවුන් තමයි දවසක තමන්ගේ ඉලක්ක ජය ගන්නේ. හීන හැබෑ කර ගන්නේ. වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට මෙවර එක් වුණේ ඒ ආකාරයට තමන්ගේ ඉලක්කයක් ජය ගත් චරිතයක්. ඇය බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ ඉෂාරා සෙව්වන්දි.

“මම පදිංචිවෙලා ඉන්නේ දික්කුඹුර, හිඟුරන්විල ප්‍රදේශයේ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් කරන්න අවශ්‍යතාව මත මම බ්‍රැන්ඩික්ස් ආයතනය තෝරගත්තා. බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වෙන්න කලින් පාසල් යන කාලේ ඉඳන්ම මම මේ ආයතනය ගැන දන්නවා. මගේ ලොකු ආසාවක් තිබුණා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම ආයතනයේ තත්ත්ව පාලිකාවක් විදියට සේවයට ආවා. එහෙම ඇවිල්ලා සේවය කරන අතරතුරේ ආයතනයේ උපන්දින සුබ පැතුම් වගේ දේවල් හරහා මට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. එහෙම ටික දවසක් යද්දි මම දැනගත්තා ආයතනයේ රසදිය මංගල්‍යය ගැන.

මම පාසල් යන කාලේ ඉඳන්ම ගීතමය කටයුතුවලට සම්බන්ධ වුණා. පුංචි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා සංගීත ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න. මම හිතුවෙවත් නැහැ ආයතනයට එන්න කලින් ඒ වගේ අවස්ථාවක් මේ ආයතනයෙන් උදාවෙයි කියලා. මම රසදිය මංගල්‍යයේ ගායන තරගාවලියට ආයතන මට්ටමින් සුදුසුකම් ලබලා එතනින් එහාට යන්න ලැබුණේ නැහැ. ආපහු මම දෙවැනි පාරටත් අයැදුම් කළා. මම සෙමි ෆයිනල් සිලෙක්ට් වුණා. මම ෆයිනල් සිලෙක්ට් වුණේ නැහැ. මම හිතුවා මගේ ටාගට් එකට මම කවදා හරි යනවා කියලා.

මගේ ජීවිතේ මම හැරිලා බැලුවොත් මීට අවුරුදු තුන, හතරකට පිටිපස්සට. මට මං ගැන සතුටු වෙන්න පුළුවන්. මගේම කියලා දෙයක් අද මට තියෙනවා. මගේම ගීත නිර්මාණයක් මේ ළඟදි රිලීස් වුණා. ‘හිස් අතින්’ මගේ පළවෙනි සිංදුව. මේ හැමදේකටම මට උදව්ව වුණේ මේ ආයතනය. මේ ආයතනයේ ඉන්න හැමෝටම ස්තුති කරන්න මේක මම අවස්ථාව කර ගන්නවා.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *