නව්‍යකරණයෙන් පිබිදෙන කොග්ගල

විවිධත්වය සමග විශිෂ්ට ජයග්‍රහණ ලබා ගනිමින් සිය කීර්ති නාමය දසත පතුරන බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය පිළිබඳවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ තුළින් ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ.

2005 වර්ෂයේ ආරම්භ වී පසුකාලීනව බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් ලෙස නාමකරණයට ලක් වූ බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය දිනෙන් දින නව්‍යකරණයට ලක් වෙමින් දියුණු වන ආයතනයක්. සාමාජික සාමාජිකාවන් 450 දෙනෙකුගෙන් ඇරඹි එම ආයතනයේ වර්තමානය වන විට සාමාජික සාමාජිකාවන් 1500කට අධික පිරිසක් සේවයේ නිරත වෙනවා. 80%කට අධික කාන්තා නියෝජනයක් ද සහිත එම ආයතනයේ විශේෂ අවශ්‍යතා සහිත සාමාජික සාමාජිකාවන් ද 30කට අධික පිරිසක් සේවය කරනවා.

2020 වර්ෂයේ පැවති ශ්‍රව්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් තිදෙනෙක්ම බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනයේ සාමාජිකයන් වීම විශේෂත්වයක්. 

හරිත තිරසරින් මිහිමව පුබුදුවන බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය 2011 වර්ෂයේදී ලීඩ් රන් සම්මානය දිනා ගන්නට ද සමත් වුණා. මනු දැයටත්, මිහිමවටත් සිය යුතුකම් ඉටු කරමින් යන ගමනේදී ලෝකයට පිබිදුණු විසඳුම් ලබා දීම සිය දැක්ම කර ගනිමින් බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය තවදුරටත් බ්‍රැන්ඩික්ස් නාමය බබළවන්නට සූදානම්.