අභියෝග තමයි ජීවිතේ රුකුල

ජීවිතේට එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නම් ඔයා ජයග්‍රාහකයෙක් වෙන එක නවත්වන්න කාටවත් බැහැ. අභියෝග ජයගෙන හොඳ ගමනක් යන චරිතයක් වන, බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් රත්මලාන ආයතනයේ නිෂ්පාදන සුපරීක්ෂකවරයෙකු වන නිහාල් පියතිස්ස තමයි ඔහුගේ කතාව කියන්න මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට එක් වුණේ.

“මගේ නම නිහාල් පියතිස්ස. මම 2005 ජනවාරි මාසේ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ වුණේ හෙල්පර් කෙනෙක් විදියට. එදා ඉඳලා 2022 වෙනකම් මම වසර 18ක විතර සේවා කාලයක් මේ ආයතනයේ නිම කරලා තියෙනවා.

අභියෝගයක් තිබුණොත් තමයි අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. 2005 වර්ෂයේ ආව මම නෙමෙයි දැන් ඉන්නේ. ළමයි 35ක්, 40ක් එක්ක වැඩ කරන ප්‍රඩක්ෂන් සුපර්වයිසර් කෙනෙක් විදියට තමයි දැන් වැඩ කරන්නේ. මට තවත් අභියෝග එනවා නම් මම හරිම සතුටුයි. මගේ ජීවිතේ ලොකුම තෑග්ග ලැබුණා 2019 වර්ෂයේදී, බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් රත්මලාන ආයතනයේ හොඳම සේවකයා විදියට මට සම්මානයක් ලැබුණා. ඒ වගේම බංගලාදේශයේ සති එකහමාරක කාලයක් සංචාරය කරන්න ලැබුණා. මම ආයතනය වෙනුවෙන් කළ කැපකිරීම, උනන්දුව සහ අභියෝගවල ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ලැබුණ දේ මම දකින්නේ.

බ්‍රැන්ඩික්ස් සමූහයේ සහෝදර සේවක සේවිකාවන්ට කියන්න තියෙන්නේ ඔබේ ජීවිතයට එන අභියෝගය හැම වෙලාවෙම හොඳ රුකුලක්, හොඳ ප්‍රතිඵලයක් විදියට දකින්න. අභියෝගය තමයි ඔබේ ඉදිරි ගමනේ රුකුලක් වෙන්නේ.”

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *