අතරමං වුණු මිනිස්සු

ලියා අවසන් මතක පොත් ඇත
පිස දමා යළි ඇවිස්සූ
හොයනවා තවමත් ඇතැම් පිටු
ගිනි තියා නුඹ පිලිස්සූ
වේදනා හිත යට දරාගෙන
අනේ උඩු හිත හිනැස්සූ
ප්‍රේමයේ දිග පළල දන්නෙම
අතරමං වුණු මිනිස්සූ

කනිෂ්කා මධුභාෂිණී
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

 

Facebook