දරුවන්ට සෙනෙහසින්...

කැකුළු මල් යායක්ම
පුරවලා  සෙනෙහසින්
රකින්නට, දිනන්නට
රට, ලොවත් අදිටනින්
සිත දිරිය සවි බලය
පිරිනමා සිත් තොසින්
පිබිදුණු සිතැත්තෝ
පුබුදුවා දරුවන් සොඳින්

සතර දෙස ගලා යන සතර ගංගා ලෙසින්
සතර ධර්මය සාර විසුරුවා සරුසරින්
සතර මහ නිධන් සේ තිළිණ දී සන්තොසින්
සතර සිප් සම්පතින් සදා සවිමත් ලෙසින්

ඉගෙනුමට සවි වෙන්න
පිබිදුමෙන් ජය ගන්න
හොඳම දේ දුන්න
දරුවන්ගේ දේදුන්න..

මොහාන්  සුරවීර

 

Facebook