මගේ නෙළුම

අමාවක හැඩයි නුඹ මට ඊට වැඩී
වලා නෙක බලයි අතරින් පතර එබී
සිනා මල අගෙයි සඳලිය රුවට බැඳී
මලානික මගේ හද පිබිදුණා වැනි

නෙළා ගනු බැරුව හිත හීරුණා දෝ
සිනාසෙනු බැරුව මුව මියදුණා දෝ
මගේ පණ සමව ඇත තේරුණා දෝ
හදේ පිපි නෙළුම නුඹ පර වුණා දෝ

දෑල මිතු මතින් අගසව් කරා යමී
මීන නෙතු සඟළ මට තෝරලා ගමී
පාන හසරැලි ඈතින් නතර වුණී
හීන බොඳ වුණත් ඈ සඳ වඩිනු වැනී

කලට නොලද වැසි අකලට වසී දෝ
සඳට පෙම් බඳින මගේ තනි රකී දෝ
සිනාසෙනු බැරුව හිත ඉකි තළා දෝ
මගේ නෙළුම මගෙ හිත තනි කළා දෝ

නුරාන් ප්‍රනාන්දු
බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනය

 

Facebook
Facebook