රන්දරු තිළිණ දිනූ හෙට දවසේ වීරයෝ

රන්දරු තිළිණ දිනූ හෙට දවසේ වීරයෝ

මතකද කාලෙකට කලින් අපිටත් තිබුනා සුන්දර අතීතයක්. තවමත් මතක් කරන හැම මොහොතකම හිත පුරා හීන් සතුටක් ගලාගෙන යන කාලයක්. අලුත් පොත්පත් හම්බවෙනකල් ඇඟිලි ගනින, ඒවගේ සුවඳ බලන්න ඉවසිල්ලක් නැති, අම්මගෙන් බැනුම් අහගෙන වැරදි වැරදි හරි පොත්වලට කවර දාන්න හිත නළියන ළමා කාලයක්. අන්න ඒ ළමා කාලෙට ආපහු දුවගෙන ගිහින් එන්න හිතෙන සිදුවීමක් පහුගිය දවසක සිද්ද වුණා. ඒ තමයි අපි හැමෝම දන්න රන්දරු තිලිණ ප්‍රදානය කිරීමක්.

ඉතින් හැමදාම හොදම දේ ළමයින්ට දෙන බ්‍රැන්ඩික්ස් අපි මේ දවස්වල ගෙවල්වලට වෙලා ඉන්න අපේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන රන්දරු තිළිණ උපකාරක පොත් කට්ටල බෙදා දීම ආරම්භ කරා. පසුගිය ජුනි මාසයේ ඉඳලා 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා දරු දැරියන් 13,734 දෙනෙක් හට මේ පොත් කට්ටල බෙදා දීම සිදු කරා. කොහොම උනත් වෙනදා වගේ නෙවෙයි මේපාර රජය විසින් දැනට පනවලා තියන සියලූම ආරක්ෂක විධික්‍රමවලට අනුගත වෙලා සෞඛ්‍යාරක්ෂිත විදියට තමයි මේ තිළිණ බෙදාදීම සිදු කරේ.

ඒ විදියට හෙට දවසේ ලෝකය දිනන්න ඉන්න අපේ පුංචි පැටවුන්ගේ මූණුවලට හිනාවක් ගේන්න බ්‍රැන්ඩික්ස් අපිට පුලුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඒ පාර දිගේ පොඩි වෙලාවකට හරි අපි හැමෝටම අපේ ළමා කාලෙට ආපහු දුවල ගිහින් එන්නත් හිතුනා. 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *