පිය සෙනෙහසේ මහිමය

බිහි වන දිනේ එළි වන තුරු නිදි වැරුව
පිය පදවිය බලාගෙන පෙරුමන් පිරුව
මහ සාගරය සේ දුක් කඳුළැලි දැරුව
පියතුම ඔබය ජීවය දුන් රන් තරුව

මා මේ ලොවට ඉපදුණේ අනේ නුඹ හින්දා
මගේ පණ කෙන්ද රැකුණේ පියතුම හින්දා
උදයේ හවා වෙහෙසීගෙන මා හින්දා
නොනිදා කැප වුණා ඔබ මේ දුව හින්දා

ගස්වැල්වලින් හමනා සිසිලස මෙමට
මල් වැල්වලින් දකිනා වර්ණ ද කුමට
ගංගා දිය ඇලි ද මේ ලොව කිම නෙතට
මේ හැම දෙයම දෙවැනිය පිය සෙනෙහසට

යූ.ඩව්ලිව්.එස්.එස්. ඔෂාන්තිකා
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය

Facebook