සීත දිය රැළි නීල කෙත් වතු මැදින් ගලා යයි...

කුරුළු කොබෙයි වන සිවුපා
සෙවන සොයා ගෙන එන්නයි
පොලෝ ගැබෙන් එන දිය බිදු
තව තව සීතල වෙන්නයි
 
අහස කෙතෙන් ගෙනාවාද
මේ තරම් වැහි
ගංගාවක් බලා ඉදී ඔයට
ගැහි ගැහී
 
දෙගොඩ තලා වතුර ගලා
ඉවුරු බිදී යයි
සයුර කරා ගෙන යන්නට
කදුළු බොහෝමයි
 
නිල් දිය මත හසරැලි
නැහැ
සොදුරු සිනා කොයි
ඒ ඔක්කොම ආදරයේ
කදුළු කථාවයි
 

ජේ. ආර්. එච්. ඩබ්. චම්පිකා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

 

Facebook