බ්‍රැන්ඩික්ස් අපි

ලෝකය අභිබවා ජයගොස පතුරුවමින්
බ්‍රැන්ඩික්ස් නම රැදේ ගුවනත ගිගුම් දෙමින්
එක්සත්වී එකටම බැදි පවුර ලෙසින්
අපි සිටිනෙමු අත්වැල් බැඳ සවිය වෙමින්
 
නෙක නෙක රටා මවමින් නෙත් ගත්තෙ හොරා
නැත ගිලිහෙන්නෙ විශ්වාසය තිබෙයි රදා
අවැසි සැම තැනදි ගරු කර එක සිතින් පවා
පිරිසිදු පැතුම් පැතුවා අපි, මතු දියුණ පතා
 
වෙහෙසක් දැනේ දින ගතවේ, බ්‍රැන්ඩික්ස් පියසේ
සරු දම් නිති රකී සතුටක් උපදී මනසේ
අවංක හැගුම් පුබුදා නිති, වැඩ කර සතොසේ
සිටිනා විටදි වෙහෙසත් යයි මැකී මෙසේ
 
නිරතුරු නිවැරදි පිළිවෙතෙහි නිමවුම් කරමින්
අනගි නිමාවන් සපයා දිරිය වෙමින්
ප්‍රබෝධයේ ජය රාවය පතුරුවමින්
අප පැතුමන්ද සපුරා ගමු එක්වී සතුටින්
 

හිරෑ සිතාරා ජයසිංහ – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook