කොරෝනා සමග ඇගලුම්

කොරෝනා සමඟ ඇඟළුම්

පිට බර දරුවනේ මේ ටික අහපල්ලා
කළ සේවාව රන් අකුරින් ලියපල්ලා
ලියන්න පෑන දුන් අත ගැන සිතපල්ලා
දුරකතනයෙන් මේ විස්තර හොයපල්ලා

ඇඟළුම්වලට අද වූවත් මොන මොනවා
ඇඟළුම් නිසා අපි සැප ලෙස දිවි ගෙවුවා
දහමට අනුව අපි කවුරුත් වැඩ කෙරුවා
හතරවරම් දෙවියන් මව්බිම රැක්කා

ජීවිත අභියෝග සතුටින් පිළිගන්න
නොසැලෙන ලෙසින් ජීවය ඔබ ගෙන යන්න
සොබහා දහම වෙත හිස ඔබ නමමින්න
හොඳ නම තියා දිගුකල් ජීවත් වන්න

කාන්ති අයිරාංගනී – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

ඉදිකටු පන්හිඳ –

Facebook