මං ඔහේ ලියනවා

මං ඔහේ ලියනවා

පාළුවක් හිතුවම
ලියන එක කවියක
පුංචි හරි සැනසුමක්
හිතට මගෙ දැනෙනවා

හිතින් ආපස්සට
යන්න මං හිතුණම
මං ලීව කවි මතින්
අතීතය දකිනවා

පුංචි පද පේළියක්
උනත් මට මහ⁣මෙරක්
දැනෙන තරමට මගේ
හදවතම ගැහෙනවා

අද වගේමයි හෙටත්
දැනෙන හැම හැඟීමක්
හදවතින් විඳින්නට
මං ඔහේ ලියනවා…

ආර්. එම්. ඩී. රත්නායක – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය


ඉදිකටු පන්හිඳ –

Facebook