අවසන් ගමන්

අවසන් ගමන්

ඉර පායා අවරට යන වේලේ
නුඹ සිටියා මා එනතුරු හැම වේලේ
ගත වී ඇත විසි අවුරුදු හය මාසේ
නැත කිසි විටෙක මා නුඹ වෙනුවෙන් සිටියේ
 
මට සිතුනා දවසක් ඔබ වෙනුවෙන් ඉන්න
ඔබට පෙර ඇවිදින් ඔබව පුදුම කරන්න
කරුමය මහත මම ආවා අද කලියෙන්ම
එදා නුබ අවසන් ගමන් යන බව නොකීවේ මන්ද
 

ඉසුරන්ති – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook