රත්තරන් අම්මේ

රත්තරන් අම්මේ

මහ මුහුදේ මහ සුළඟට
රුවල ඉරෙයි යන බියෙන්
වෙර දරාන දුක උහුලන
පිං කඳ නුඹ මගෙ අම්මේ…

මඩ වගුරේ හැඩට පිපුන
පිපී දිලී සුවඳ බෙදන
බුදුන් නමට පිදුන කුසුම
මා දුටු සුදු නෙළුමයි නුඹ…

සංසාරේ බුදු වන්නට
පෙරුම් පුරා දුක උහුලන
මෙතේ බුදුන් බුදු වන දින
නිවන් දකින් මා පිං කඳ…

කල්පනී ප්‍රේමචන්ද්‍ර – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook