හරිම සුන්දරයි

හරිම සුන්දරයි

හීනයක් වෙනුවෙන්
නිදිමත එක්ක හරි හරියට මට්ටු වුණා
පොත් ගොඩක්
කහට කෝප්පයක්
පුංචි එළියක් එක්ක
කාමරේ තනිවුණු තැන්වල…
හීන එක්කම නොදැනීම
නින්ද ගිහින්…
එකපාරට ගැස්සිලා
ඇහැරුණු වෙලාවට…
හීන කැරකෙනවා ඔළුව වටේටම…

අයි. කේ. නවෝද්‍යා නෙත්මිණි – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook