නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද

හුරු වෙච්ච පතොක් ගස් ඉඩෝරයට යක්ෂ
මල් දුන්නා ඇරුණු කොට ඉල්ලුව ද වැස්ස
දරු සෙනේ නාමයෙන් අල්ලගෙන හුස්ම
අම්මලා ගිනි අව්වේ කෙරුවේම යුද්ධ

යන්තමට බැස යද්දී රාස්සිගේ අව්ව
ලිප ළඟට කිට්ටු වී රස කරයි හොද්ද
පාන්දර කුකුළන්ට නොම කරන් සද්ද
හැමෝටම කලින් ඈ ඇහැරුණේ නැද්ද

හුස්ම පණ දෙවැනි තැන තියා අපි රැක්ක
ජීවිතේ බරම තැන් සිනහවෙන් ඇද්ද
තත්පරෙන් තත්පරේ අපි ගැනම හෙව්ව
එහෙව් අම්මාට අපි සැලකුවා ඇත්ද

ලොකු නිලමේ බිසෝලට කිරි කළම ඇද්ද
පඬුරු ගෙන සන්තකට උන්ලටම දුන්න
කතරගම දෙවියනේ මහ හරඹ කෙරුව
නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද

සුරංජිකා ධනංජනී
බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය

 

Facebook