මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි

මවු පදවිය මවෙත ලබාදුන් මගේ පුංචි දියණියනි

අම්මා යන උතුම් අරුත
පහදා දුන් සුරඟන නුඹ
දෙව්ලොව සිට ම‌ගේ කුසට
පැමිණියාද හොර රහසෙම

නුඹෙ සුරතල් පුංචි සිනා
දකිනෙමි සිහිනෙන් සැමදා
විඳිනට දරු සුරතල් මට
එනු මැන හනිකට මා වෙත

අපේ පුංචි කැදැල්ල වෙත
ගෙනෙනා මිණි පහනයි නුඹ
සදා සතුට සැනසුම දෙන
දියණියක්ම වෙනු මැන නුඹ

දිලීෂා – බ්‍රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය

Facebook