ලියන ලියැවෙන සොඳුරු ගෙත්තම්
ඔබට නොලියුණු මිහිරි කවිදම්
ගොළුව ළතැවෙන සෙනෙහෙ කෙතරම්
තිබුණදෝ ඔය ලයෙහි කොතෙකුත්…
දැවි දැවී ළතැවෙවී පසුවී
සසලවී හද හඬා වැලපී
තිඹිරි ගෙයි පසු පසෙක රැඳවී
සිටියෙ ඔබ දරු පෙමින් මත්වී
කිරි සුවඳ ඔබෙ ලයෙහි නොමවී
දහදියෙන් ඔබෙ සිරුර තෙත්වී
මහ පොළොව ඔබ සමඟ එක්වී
යුද වදී දිවි බරෙන් වියැකී
නිවා කුස ගිනි දරා දුක් ගිනි
වෙහෙසුණා ඔබ දිවා රැයෙහි
සයුරු තෙර මෙන් තේජසින් ඔබ
වැජඹුණා මේ පොළෝ තලෙහි
සෙනෙහසේ රන් පැන් බිඳක්
නිම නොවේ පිතු සෙනෙහෙ කිසිසේ
කසාවත හිත දරා රිසිසේ
බුදුබවක් ඔබ හටත් හිමිවේ…
කේ. ගයානි සෙව්මිණි – බ්රැන්ඩික්ස් රඹුක්කන ආයතනය