බල සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඔබත් කැමතිද ?

බල සම්පන්න පුද්ගලයෙක් වෙන්න ඔබත් කැමතිද ?

ශක්තිය කියන්නේ බලයක්. ඒ බලය විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් ශක්තිය ගැන කතාකරද්දි, අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් කායික ශක්තිය ගැන. පෝෂණ ගුණයෙන් පිරි ආහාරපාන පරිභෝජනය කරලා, ශාරීරික යෝග්‍යතාව නිසියාකාරව පවත්වාගැනීම මගින් කායික ශක්තිය නඩත්තු කරන්න පුළුවන්.

ඔබ විශ්වාස කරන්නවද ඔබේ කායික ශක්තිය කෙසේ වෙතත්, මානසික ශක්තිය ඇදහිය නොහැකි ආකාරයට බලගන්වන්න පුළුවන් කියලා? මම මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ ගැන.

ඉංග්‍රිසියෙන් නම් මේකට කියන්නේ කොස්මික් එනර්ජ් කියලා. මේ විශ්වයේ තියෙන ඒ ප්‍රබල ශක්තිය අපේ ශරීරයට ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා බටහිර රටවල පර්යේෂකයන් විවිධ පර්යේෂණ සිදුකළා. ඒ අනුව මේ නොපෙනෙන ශක්තිය පිළිබඳව මේ මොහොතවන විටත් කොහේ හෝ තැනක පර්යෙෂණ සිදුවෙනවා ඇති. භෞතික දේවල්වලින් එහාට ගිය අසීමිත ආධ්‍යාත්මික ශක්තිය නැතිනම් “විශ්ව ශක්තිය” ගැන විවිධාකාරයේ කෘති තවමත් රචනා වෙනවා.

අපි පුංචි කාලේ අහලා තියෙනවා”හිටියොත් හොඳට හැඳී, දෙවියොත් නමට වඳී” කියලා කතාවක්. අපි මේ ලෝකෙට, මේ සමාජයට කරන යහපත් දේවල් අවසානයේ යහපත් විදිහට ඔබට ලැබෙනවා. ඒ වගේමයි ඔබ කරන්නේ අයහපත් දේවල් නම්, ඒවයෙත් අයහපත් ප්‍රථිඵල ඔබට ලැබෙන්න පුළුවන්.

අපි දැකලා තියෙනවා බොහෝ දෙනෙක් ටයිගර් අයි පාෂාණයෙන් සක්ස් කරන ලද පළඳනා පළඳිනවා. ඒවායෙන් කෙරෙන්නෙත් විශ්ව ශක්තිය ශරීරයට ආරෝපණය කර ගැනීමක්. ඒ වගේම මේ ශක්තිය වර්ධනය කර ගන්නට නම් අනිවාර්යයෙන්ම ඔබට සොබාදමත් එක්කලා කටයුතු කරන්න වෙනවා. හිමිදිරි පාන්දර තණ බිස්ස මත රැඳි පිණි බිඳුවලත්, නැගෙනහිරෙන් විහිදෙන ළාහිරු කිරණෙත් මේ කියන විශ්ව ශක්තිය ගැබ්වෙලා තියෙනවා.

ඒත් කොහොමද මේ ශක්තිය අපේ ශරීරයට ආරෝපණය කර ගන්නේ ?

ඒකට කරන්න තියෙන්නේ නින්දට කලින් හෝ උදෑසන අවදිවුණු ගමන් මේ ලොකේ ඉන්න හැම ජීවීයෙක්ටම මෛත්‍රිය පැතිරීමයි. හැමෝම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම…

ඇත්තටම මේ පුංචි ලිපියෙන් මේ ගැන කතාකළාට ‘විශ්ව ශක්තිය’ කියන්නේ බොහෝම ලොකු වපසරියක විහිදුණු සංකල්පයක්. ආධ්‍යාත්මය දියුණු කරගත්තු අයට නම් රෝගීන් පවා සුවපත් කරන්න පුළුවන්. කොහෝම වුණත් මේ සඳහා නිසි හැදෑරීමක් තියෙන්න ඕන.

පෙරදිග ශිෂ්ටාචාරගත සංකල්පයක් වන මෙම සංකල්පයට අනුව ශරීරයේ ස්ථාන හතක චක්‍ර හතක් ක්‍රියාත්මක වන බව පැවසෙනවා. මේ චක්‍ර මනසින් විවෘතකිරීම මගින් විශ්වයේ ඇති යහපත් ශක්තිය ශරීරයට ආරෝපණය වන බවයි පැවසෙන්නේ. සරලව කිව්වොත් ලොකුම ලොකු ජෙනරෙටර් එකකින් වයර් එකක් දිගේ විදුලිබලය අරගෙන පොඩි විදුලි බුබුළක් දල්වනවා වගේ වැඩක්! විශ්වයේ මේ සම්පූර්ණ ශක්තිය ආරෝපණය කරගත් යෝගීවරුන් දැනටත් හිමාල අඩවියේ ඉන්නවාය කියලා කියැවෙනවා. වයසට යෑම නතර වී සදාකාලික තරුණබව රැකගැනීමටත්, විශ්ව ශක්තිය බල ගැන්වීම හොඳ ඖෂධයක් .

මේ කොයිදේටත්, මුල්වෙන්නේ මනස සහ සිතුවිලි. මනසත්, සිතුවිලිත් යහපත් ආකාරයට පවත්වගෙන යනවා නම්, අඩුම තරමේ විනාඩි තුනක්වත් ලෝකයට මෛත්‍රිය පතුරවනවා නම්, ඔබේ සිරුරට දැනෙන මේ වෙනස ඔබටත් අත්විඳින්න පුළුවන්.

මේ සඳහා කළයුතු ආධ්‍යාත්මික අභ්‍යාස පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් සහිත විද්වතෙක් එක්කලා සාකච්ඡා කරලා ලිපියක් පලකරන්න අපි සූදානම්. මේ ගැන ඔබ හුඟාක් උනන්දු කෙනෙක් නම් වැඩිදුර විස්තර අන්තර්ජාලයෙන් දැනගන්න පුලුවන්. ස්මාර්ට් දුරකථනයෙන් තාක්ෂණික අල්ලාප සල්ලාපයේ යෙදන අතරේ, ඒ කාලය විශ්ව ශක්තිය වගේ වැදගත් කාරණාවක් ගැන හොයන්න වැය කළා නම්, කොච්චර යහපත් ද ?

එහෙනම්… මේ මුළු ලෝකයටම මෙත් සිත පතුරවන්න. මුලින්ම අසීරු වුණත්, මනස හුරුකර ගැනීමෙන් අවසානයේදී මේ විශ්වයේ බල සම්පන්න පුද්ගලයෙක් වීමට ඔබටත් අනගි අවස්ථාවක් ලැබේවී.

රංගන වඩුගේ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *