හෙළ ධජ ඉහළ ඔසවා හිස මුදුන නමා
විරුවන් සිහිකරන්නේ අත් පපුවෙ තබා
රට දැය රකින්නට දිවි දුන් විරුන් සැමා
ණය නැහැ ඔවුන් දන්දුන් මව්වරුන් හැමා
පෘතුගීසියට සිත යටහත් පහත් කරන්
උන් එලවන්න ලන්දේසින් කරේ තියන්
ඉඟුරුත් දීලා සැර මිරිසක් ළඟට අරන්
එදා කරපු අනුවනකම් යළි නො කරන්
දළදා මාලිගේ වගුරපු ලේ විලට
මද්දුම බණ්ඩාර ණය ගෙවුවේ යසට
සුද්දගෙ අතින් වෙඩි කෑ ඌරන් ලෙසට
පන්නා දැම්මා උන් ආපසු නො එන්නට
පාවා නොදී රට දැය ආගම කිසිදා
යුධ කළ හිමිවරුත් ලක් දිව වැඩ සිටියා
කවි ගී ලිය ලියා මනු සිත් දිරි ගන්වා
හෙළ කතුවරුත් පසෙකින් යුදයට බැඳුනා
එක ධජයකට කිසිදා නැත බේද වෙලා
සියලුම ජාති එක්වී සීරුවෙන් බලා
ගැයු ගී හඬට නිදහස් දින එකලු වෙලා
දේශය අභිමානෙ පපුතුළ නිධන් කළා
තිස් වසරක්ම අවි අමෝරා රැකගන්න
සටනක් කළේ රට එක්සේසත් වෙන්න
ඒ කළ මහිම හින්දා මහ මග යන්න
බිය සැක නැතිව රට දැන් නිවහල් ඔන්න
සුද්දන් ලෙසම ඊලම පරදලා දැම්මා
විරුවන් සැවොම රකිනට ආ ලක් අම්මා
සමරන නිදහසට ණය නැති උන් නිම්මා
පිහිටයි උඹලා රැකගන් සම්බුදු සම්මා
සමරන දිනේ අද නිදහස හැත්තෑ තුනේ
එක්වී අභිමනින් විරු සිහි කර පන්නේ
එක අහසක් යටට වී මේ ලක් දෙරණේ
සැමදා ජයෙන් වැජඹෙනු දෙවි රැකවරණේ
උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම 01 ආයතනය