නොලද නුඹට

නොලද නුඹට

නෙතු කතා කර
නුඹෙන් ලද ආදරය
තුරුලු කර හදවතට
මං සිතින් විඳවනවා

වැසි වසින වෙලාවට
නින්ද නැති මැදියමක
නුඹ ඇවිත් නෙතු මතට
කෝලමක් කරනවා

වැටි වැටි නැගිටිච්ච
අහිංසක සිත් පොඩ්ඩ
නුඹ නමින් හැමදාම
මැරී මැරී උපදිනවා

ලාලනි
බ්‍රැන්ඩික්ස් අවිස්සවේල්ල 2 ආයතනය

Facebook