ආදරයේ කඳුළු කතා

අහස කොහෙන් ගෙනාවාද
මේ තරමට වැඩි
ගංගාවක් බලාන ඉන්නේ
බයටම ගැහි ගැහි
දෙගොඩ තලා වතුර ගලා
ඉවුර බිඳී යයි
සයුර කරාගෙන යන්නට
කඳුළු බොහෝමයි
නිල් දිය මත රැළි නැග නැග
සොඳුරු සිනා කොයි
ඒ ඔක්කොම ආදරයේ
කඳුළු කතාමයි

ශ්‍රියාලතා  –   බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

 

Facebook