ජල සම්පත සුරකිමු යන වදන් පෙළේ
අනගියි අපට මිහිපිට ඇති දායාදේ.
සීතල සිසිල් දිය දහරා ඇති දෙරණේ
සුරකිමු රකිමු පණමෙන් ජල දායාදේ
තුරුලිය නොකපා වනරොද රැක ගනිමු
ජල උල්පත් පෑදීමට ඉඩ දෙවමු
සොබාදමේ ජල අසිරිය දැක ගනිමු
දසුන් දෙනුවන් පිනවාලමු
දිය බිඳකි ජල දහරකි හැඩකාරියකි ගංඟාවකි
දියබුං හඬනගන ලොවේ මහ සයුරකි
දෝංකාරයේ රළ නගනා ජලයේ විස්කමකි
ජල සම්පත ඖෂධයකි මිහිපිට මැණිකකි
ජිවිත සුරකින මිහිකත සනහන
තුරුලිය නළවන අප දිවි සුරකින
කප් රුක වන් ඔබ සුරකිමු දින දින
ජල සම්පත සුරැකේවා සැරදේවා සැමදින
U.W.A.S.S ඔෂාන්තිකා
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය