අසාර කතර තුළ
තුෂාර සිසිල බෙදමින්
දයාව දෝවනය කරන්නාවු
අතරක් නොමැති දිවිමංතලාවේ
දොරටුව අභියස
විරාජමානව වැඩසිටිනා
අප්පච්චි…
රුධිරය කිරි නොවුනත්
නිමක් නොවන දරු සෙනෙහස අභියස
කඳුළු සාගරයේ උරුමකරුවා
අප්පච්චි…
අව් වැසි ආශිර්වාදයක් කරගනිමින්
සඟවාගත් පියාදරය
ලොවට නොපෙන්වා
දරුවන් වෙනුවෙන් ප්‍රාණය පුදනා
නිමි නැති සෙනෙහසක
මැවුම්කරුවා
අප්පච්චි…
ඩබ්ලිව්. එස්. එස්. ඩි.ඉද්දමල්ගොඩ – බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනය